Posts

Showing posts from November, 2017

සාහිත්‍යය හදුනාගනිමු

Image
රසයෙන් යුත් නිර්මාණ සාහිත්‍ය නිර්මාණයි.එම නිර්මාණ ප‍්‍රධාන ප‍්‍රභේද තුනකට බෙදේ. 1. ගද්‍ය සාහිත්‍යය 2.පද්‍ය සාහිත්‍යය 3.චම්පු සාහිත්‍යය               නිර්මාණාත්මක ලේඛන අතර පැරණි ම එ්වා අපට හමු වන්නේ සීගිරි කුරුටු ලිපි අතර වේ. පද්‍ය නිර්මාණ බහුල ව දැකිය හැකි මෙම ලේඛන අතර ගද්‍යමය පාඨ කිහිපයක් ද   අන්තර්ගත ය. සීගිරි කුරුටු ලිපි බහුතරයක් සවන සියවසේ සිට දසවන සියවස තෙක් අවධියට  අයත් බව හඳුනාගෙන ඇත.             දම්පියා අටුවා ගැටපදය දැනට හමු වී ඇති පැරණි ම සිංහල කෘතියයි. දෙබිස වැජා අබා සලමෙවන් හෙවත් පස්වන කාශ්‍යප රජු විසින් මෙම කෘතිය රචනා කර ඇත. සිංහල භාෂාව හා  එහි ඉතිහාසය හැදෑරීමේ දී මෙය ප‍්‍රබල මූලාශ‍්‍රයකි. විනය ග‍්‍රන්ථයක් වන සිඛවළඳ හා සිඛවළඳ  විනිස ද සාමණේර භික්ෂූන් සඳහා විනය නීති සංග‍්‍රහයක් වන හෙරණ සිඛ හා හෙරණ සිඛ  විනිස ද මේ කාලයේ දී ලියා ඇත. කාව්‍ය ශාස්ත‍්‍රයට අදාළව ලියවුණු සියබස්ලකර කෘතිය ද  මේ යුගයේ බිහි වූ ලේඛන අතර වැදගත් වේ. එය දණ්ඩි නමැති භාරතීය පඬිවරයාගේ  කාව්‍යාදර්ශ...