සාහිත්‍යය හදුනාගනිමු

රසයෙන් යුත් නිර්මාණ සාහිත්‍ය නිර්මාණයි.එම නිර්මාණ ප‍්‍රධාන ප‍්‍රභේද තුනකට බෙදේ.
1. ගද්‍ය සාහිත්‍යය
2.පද්‍ය සාහිත්‍යය
3.චම්පු සාහිත්‍යය
නිර්මාණාත්මක ලේඛන
අතර පැරණි ම එ්වා අපට හමු වන්නේ සීගිරි කුරුටු ලිපි
අතර වේ. පද්‍ය
නිර්මාණ බහුල ව දැකිය හැකි මෙම ලේඛන අතර ගද්‍යමය පාඨ කිහිපයක් ද අන්තර්ගත ය.
සීගිරි කුරුටු ලිපි බහුතරයක් සවන සියවසේ සිට දසවන සියවස තෙක් අවධියට අයත් බව
හඳුනාගෙන ඇත.
දම්පියා අටුවා
ගැටපදය දැනට හමු වී ඇති පැරණි ම සිංහල කෘතියයි. දෙබිස වැජා අබාසලමෙවන් හෙවත්
පස්වන කාශ්‍යප රජු විසින් මෙම කෘතිය රචනා කර ඇත. සිංහල භාෂාව හා එහි ඉතිහාසය
හැදෑරීමේ දී මෙය ප‍්‍රබල මූලාශ‍්‍රයකි. විනය ග‍්‍රන්ථයක් වන සිඛවළඳ හා සිඛවළඳ විනිස ද
සාමණේර භික්ෂූන් සඳහා විනය නීති සංග‍්‍රහයක් වන හෙරණ සිඛ හා හෙරණ සිඛ විනිස ද මේ
කාලයේ දී ලියා ඇත. කාව්‍ය ශාස්ත‍්‍රයට අදාළව ලියවුණු සියබස්ලකර කෘතිය ද මේ යුගයේ බිහි
වූ ලේඛන අතර වැදගත් වේ. එය දණ්ඩි නමැති භාරතීය පඬිවරයාගේ කාව්‍යාදර්ශ
නම් අලංකාර ග‍්‍රන්ථයේ අනුවාදයකි. සියබස්ලකර කතුවරයා දසවන සියවස මැදභාගයේ ලංකාව
පාලනය කළ සිවුවන සේන රජතුමා බව පිළිගැනේ. මෙම කෘතිය මෙන් ම සීගිරි කැටපත්
පවුරේ නිර්මාණ ද මෙම අවධියේ ලංකා සමාජයෙහි කාව්‍ය රචනය පිළිබඳව පැවති උනන්දුව
සංකෙත්වත් කරයි.
දොළොස්වන සහ දහතුන්වන සියවස් අතර කාලය සැලකීමේ දී සසදාවත, මුවදෙව්දාවත හා කව්සිළුමිණ එකල බිහි වූ කව් පොත් වේ. මේ අතර, කව්සිළුමිණ සිංහල සාහිත්‍යයේ විශිෂ්ටතමපද්‍ය කෘතිය ලෙස ද සැලකේ. කව්සිළුමිණ ආදි මහා කාව්‍ය ගණයට අයත් වන, තොටගමුවේ රාහුල හිමියන් රචනා කළ කාව්‍යශේඛරය හා වීදාගම මෛත්‍රෙය හිමියන් රචනා කළ ගුත්තිල කාව්‍යය මේ අවධියට අයත් සිවුපද කාව්‍ය අතර සුවිශේෂ වේ. ඉහත දැක්වුණු සාහිත්‍ය නිර්මාණ සියල්ල සම්භාව්‍ය සාහිත්‍ය ගණයට අයත් කෙරෙන අතර මේ පෙළෙ හැකි විශේෂ ම කෘති දෙක වෙස්සන්තර ජාතක කාව්‍යය හා යසෝදරාවතයි. පුර්තුගීසීන් බයිබලය ආශ‍්‍රිත කතා සිංහලයට පරිවර්තනය කිරීම ආරම්භ කිරීම ද දහඅටවන සියවස මැද භාගයේ දී ලන්දේසීන් විසින් මෙරටට මුද්‍රණ ශිල්පය හඳුන්වා දෙමින් බයිබලය සිංහලයට පරිවර්තනය කර මුද්‍රණය කිරීම ද සිංහල ග‍්‍රන්ථකරණයේ නව වෙනස්කම් විය. දහනවවන සියවසේ දී ඉංග‍්‍රීසීහු ද මෙරට මුද්‍රණාල පිහිටුවා, බයිබලයට අමතර ව පුවත්පත්, සඟරා ද සිංහල පාඨකයන්ට හඳුන්වා දුන්හ. මෙම ක‍්‍රියාවලියට සමගාමී ව සිංහල බෞද්ධ ප‍්‍රකාශන මුද්‍රණයට ස්වකීය මුද්‍රණාල පිහිටුවා ගැනීමට ස්වදේශික ජනතාව ද උත්සුක වූහ. නව පිරිවෙන් ආරම්භ වීමත් සමග පැරණි සිංහල පොත් හා සඟරා මුද්‍රණයට ඔවුහු පෙලඹුණහ. මේ අතර ඉංග‍්‍රීසි ප‍්‍රබන්ධ කතා අනුකරණය කරමින් දේශීය ජන ජීවිතය වස්තු කර ගත් ප‍්‍රබන්ධ කතා ලිවීමට සිංහල රචකයෝ යොමු වූහ. මෙලෙස ආරම්භ වුණු නූතන සිංහල සාහිත්‍යයේ පුරෝගාමීන් ලෙස සැලකෙන්නෝ පියදාස සිරිසේන, ඩබ්ල්යු.එ්. සිල්වා, කුමාරතුංග මුනිදාස, රැුපියෙල් තෙන්නකෝන්, මාර්ටින් වික‍්‍රමසිංහ, මහගමසේකර, ජී.බී. සේනානායක, මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍ර ආදීහු ය.




Comments
Post a Comment